#Local News

අකුරණ ගින්නට හේතුව ?

අකුරණ අවන්හලක ඇති වූ ගින්නට හේතුව එම ගොඩනැගිල්ලේ බේකරි නිෂ්පාදනාගායේ තිබූ විදුලි උඳුන්වලට විදුලිය සපයන පද්ධතියේ විදුලි කාන්දුවක් විය හැකි බවට පොලීසිය සැක පළ කරයි.

ගින්න සම්බන්ධයෙන් අලවතුගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන් වේ.

පොලීසිය පැවසුවේ එම අවන්හල අසල පිහිටි අලෙවිසැලක් ඇතුළු වෙළෙඳසැල් කිහිපයකට සහ ජාත්‍යන්තර පාසලකට ගින්නෙන් හානි වී ඇති බව. 
 
අකුරණ නගරයේ පිහිටි මෙම අවන්හල තුළ ගින්න හටගෙන තිබුණේ ඊයේ (05) උදෑසන 6.30ට පමණ ය.

එම ගින්න හේතුවෙන් මහනුවර – මාතලේ (A9) මාර්ගය ද ඊයේ පෙරවරුවේ තාවකාලිකව වසා දැමීමට කටයුතු කළේය.

දැඩි පරිශ්‍රමයකින් පසු උදෑසන 10ට පමණ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබුණි.

ගින්නෙන් කිසිදු පුද්ගල හානියක් වාර්තා නොවීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *