#Local News

අතහැර දැමූ උදාගම්මාන රැසක වැඩ කඩිනමින් අවසන් කරන්න

වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස ඇමැතිවරයාව සිටියදී දිවයින පුරා ඉදි කිරීම් ආරම්භ කර වැඩ අවසන් නොකර අතහැර දැමූ උදාගම්මාන 2,150ක අඩක් ඉදිකර ඇති නිවාස 39,815ක වැඩ කඩිනමින් අවසන් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.

සජිත් ප්‍රේමදාස මහතා නිවාස ඇමැතිවරයාව සිටි 2015-2019 සිවු වසර තුළදී දිවයින පුරා උදාගම්මාන 2,158ක නිවාස ඒකක 42,610ක වැඩ ආරම්භ කර තිබුණි. නමුත් ඒවායේ වැඩ අවසන් කර තිබුණේ අර්ධ වශයෙනි.

බොහෝමයක් නිවාස පදිංචියට සුදුසු තත්ත්වයේ නොතිබීම හේතුවෙන් ඒවායේ හිමිකරුවන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවට පසුගිය සමයේදී තොරතුරු වාර්තාවී තිබුණි. මෙම තත්ත්වය හේතුවී ඇත්තේ එක් උදාගම්මාන වැඩ සටහනක් සඳහා වෙන් කළ මුදල කොටස් වශයෙන් උදා ගම්මාන කිහිපයක් සඳහා බෙදා දීම නිසාවෙන් බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.

තමන්ගේ කාලයේදී ගම්මාන රැසක් ඉදිකළ බව පෙන්වීමේ අරමුණින් මෙලෙස කටයුතු කර ඇති බව ද ජාතික නිවාස

Leave a comment

Your email address will not be published. Required fields are marked *