#Local News

අද ඇරඹුණු සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත්වෙන්නේ මෙහෙමයි

අද ඇරඹුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසය වනවිට ලබාදීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ පසු පිළිතුරු පත්‍ර ඇගයීම් ක්‍රියාවලිය සඳහා පරික්ෂකවරු 35,000න් පමණ අවශ්‍ය වන බවය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (06) ආරම්භවිය.

විභාගය අද සිට ලබන 15 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527 කදී පැවැත්වීමට නියමිතය.

මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 452, 979 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. 

ඊට පාසල් අයදුම්කරුවන් තුන් ලක්ෂ 87, 648ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,331 දෙනෙකු ඇතුළත් වන බව සඳහන්ය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *