#Local News

අද සිට ක්‍රියාත්මක වන විශේෂ වැටලීම්

එළඹෙන උත්සව සමය වෙනුවෙන් අද (30) සිට විශේෂ වැටලීම් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කරනවා.

එම වැටලීම් 2024 ජනවාරි 15 දක්වා සිදු කෙරෙන බවයි එම අධිකාරිය පවසන්නේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතීඥ ශාන්ත නිරිඇල්ල මහතා පවසන්නේ නිවාඩු දිනවලදීත් නිලධාරීන්ට රාජකාරි පැවරීමට කටයුතු කරන බවයි.

එමෙන්ම පාරිභෝගිකයන් සඳහා භාණ්ඩවල මිල ප්‍රදර්ශනය කිරීම අත්‍යවශ්‍ය බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *