#Local News

අනතුරින් බේරීමට උත්සාහ ගත් තරුණ විදෙස් කත මරුට

නෙළුව, ලංකාගම මාර්ගයේ කොළොන්තොටුව ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් ප්‍රංශ ජාතික තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබුණි.

පොලීසිය සඳහන් කළේ, ඊයේ (26) සවස එම අනතුර සිදුව ඇති බවය.

නෙළුව සිට ලංකාගම දෙසට ධාවනය වූ වෑන් රථයක් ඉදිරියෙන් පැමිණි කාර් රථයකට මාර්ගයේ ඉඩ ලබාදී නවතා සිටිය දී, කාර් රථය එකවරම වේගයෙන් පැමිණ වෑන් රථයේ ගැටී ඇත.

එහිදී වෑන් රථය තල්ලු වී ඉදිරියට ගොස් නතර වී ඇති අතර, එම අවස්ථාවේ දී වෑන් රථය තුළ සිටි විදෙස් කාන්තාව එළියට පැනීමට උත්සාහ කිරීමේ දී කාර් රථයේ ගැටී අනතුර සිදුව ඇත.

බරපතළ තුවාල ලැබු කාන්තාව රෝහල්ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 22ක විදෙස් තරුණියකි.

අනතුර සම්බන්ධයෙන් කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *