#Local News

අනධ්‍යයන සේවකයින් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අතර සාකච්ඡාවක්

අනධ්‍යයන සේවකයින් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අතර සාකච්ඡාවක්

සිය වැටුප් ගැටලුව සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමඟ විශේෂ සාකච්ඡාවක් අද (18) දිනයේ පවත්වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.

එහි සම සභාපති ධම්මික ප්‍රියන්ත මහතා පැවසුවේ, වැටුප් ගැටලුවට නිසි විසඳුම් ලබාදීමට බලධාරීන් තවමත් කටයුතු කර නොමැති බැවින් 48 වන දිනටත් සිය වැඩවර්ජනය ක්‍රියාත්මක බවය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව ද අදාළ ගැටලුවට නිසි විසඳුම් ලබානොදුනහොත් අඛණ්ඩව වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව ධම්මික ප්‍රියන්ත මහතා සඳහන් කළේය.

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ වැටුප් ගැටලුව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පළකළේ මෙවන් අදහසකි.

“විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලවල මුලින් තිබුණු ප්‍රශ්නය ලබන අවුරුද්දේ විසඳාගැනීමට තමයි එකඟතාවය තිබුණේ. අනධ්‍යයන කාර්ය මණ්ඩලවල ඇකඩමික් එලවන්ස් එක වැඩි කරාම පස්සේ තමයි මේ දැන් තිබෙන දෙවනි ඉල්ලීම ආවේ.  හිලව් දීමනාව දෙන්න කියලා. එතකන් තිබුණේ නෑ. අයවැයෙන් මුදල් වෙන්කරලා නෑ. එහෙම නම් UGC එකේ ඉතුරු වුණ මුදලකින් තමයි ඒක ගෙවන්න ඕනේ. ඒක ගෙවන්න ඔන්න අපි උත්සාහ කළා. අපි අමාත්‍ය මණ්ඩල සංදේශ ඉදිරිපත් කළා. ඒ අය එක්ක සාච්ඡා වට ගනණාවක් තිබ්බා. නමුත් භාණ්ඩාරගායේ එකඟතාවය නැතුව අපේ UGC එකට ඒක ගෙවන්න පුළුවන් කමක් නැහැ. UGC එක එක්කත් සාකච්ඡාවක් තියෙනවා. ඒ අදාළ වෘත්තීය සමිති එතනදී යම් ආකාරයක එකඟතාවයක් එයි කියලා මම හිතනවා. එහෙම ආවොත් ලිඛිතව ඒ අයට භාරදෙනවා මාර්ග සිතියම මේකයි, ඒ අනුව මේ කටයුතු කරනවා කියලා. එතකොට වැඩට ආවම වැටුප් ගෙවනවා කියලා අපි කියලා තියෙනවා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *