#Local News

අනවසරයෙන් ඩ්‍රෝන කැමරාවක් යැවූ තරුණයාට වැඩ වැරදෙයි

බලපත්‍ර නොමැති ව ඩ්‍රෝන කැමරාවක් යොදාගෙන වීඩියෝ දර්ශන ලබා ගනිමින් සිටි තරුණයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (02) දහවල් කාලයේ දී සැකකාර තරුණයා විසින් කිලිනොච්චිය – ඉරණමඩු වැව අසන්නයේ ඩ්‍රෝන කැමරාවක් ගුවන්ගත කර වීඩියෝ දර්ශන ලබා ගනිමින් සිටිය දී එලෙස අත්අඩංගුවට ගෙන ඇත. 

අත්අඩංගුවට ගත් සැකකරු අච්චුවේලි – යාපනය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

අනවසරයෙන් ඩ්‍රෝන කැමරාවක් යැවූ තරුණයාට වැඩ වැරදෙයි

Sri Lanka’s Scenic Train Ride from Kandy

Leave a comment

Your email address will not be published. Required fields are marked *