#Local News

අනියම් ඇසුර ඝාතනයකින් කෙළවර වෙයි

හංවැල්ල තුම්මෝදර මංසන්ධිය ආසන්නයේදී ඇඟලුම් බස් රථයක රියදුරෙකු අද (15) උදෑසන කපාකොටා ඝාතනය කර තිබේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා අද උදෑසන 5.55ට පමණ බුදුන් වැඳීම සඳහා මල්කඩීමට ගිය අවස්ථාවේදී මෙම සිද්ධියට මුහුණදී ඇති බව හංවැල්ල පොලීසිය පවසයි.

මූලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ ඝාතනයට ලක්වූ පුද්ගලයා සහ සැකකරු යන දෙදෙනාම එකම කාන්තාවක් සමග අනියම් සම්බන්ධයක් පවත්වා ඇති අතර එහිදී ඇතිවූ ගැටුමක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවය. 

ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව සැකකරු වග දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා ධාවනයවූ දුම්රියක නැගී පළායන අවස්ථාවේදී මීගොඩ පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන හංවැල්ල පොලීසියට බාරදී තිබේ.

සිද්ධියෙන් ඝාතනයට ලක්වී ඇත්තේ ඉංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 35 හැවිරිදි දෙදරු පියකි.

අත්අඩංගුවට ගත් සැකකරු තුන්මෝදර නුගේතැන්න ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවෙකි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *