#Local News

අලුත උපන් බිළිඳාගේ මළ සිරුර මහ පාරේ

මහියංගණය පොලොන්නරුව මාර්ගයේ අලුත්තරම ප්‍රදේශයේ තිබි පිරිමි දරුවෙකු ගේ බිළිදු මළ සිරුරක් ඊයේ (13) පස්වරුවේ හමුවු බව ගිරාදුරුකොට්ට පොලිසිය පැවසීය.

අලුත්තරම ආර්මි බස් නැවතුම්පොල ආසන්නයේ කුඩා දරුවෙකු ගේ බවට සැක කල හැකි මළ සිරුරක් ඇති බවට ලද තොරතුරක් මත එම ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් හට මෙම සිරුර හමුවි ඇති අතර ඒ ආසන්නයේ කලු පැහැති බෑගයක් ද හමුවී තිබෙනවා.

අනතුරුව මේ පිළිබඳ මහේස්ත්‍රාත් පරික්ෂණ කටයුතු සිදු කිරීමෙන් පසු එය මහියංගණය මූලික රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවද පොලිසිය සඳහන් කලේය.

මෙම සිරුර දිනක් පමණ වයසැති බිළිදෙකු ගේ බවට විශ්වාස කරන බවත් ඒ පිළිබඳව පශ්චාත් මරණ පරික්ෂණයක් සිදුකිරිමට අවශ්‍ය පියවර ගන්නා බවද පොලිසිය පවසයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *