#Local News

ඇල්ල කරඳගොල්ල නායයෑමේ අවදානම ගැන තවත් පරීක්ෂණයක්

ඇල්ල කරඳගොල්ල නායයෑමේ අවදානම කෙටි කාලයක් තුළ පාලනය කළ හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධ‍න මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ එම ප්‍රදේශයේ නායයෑමේ අවදානම නිරීක්ෂණයට අද (01) එක්වෙමිනි.

ඇල්ල – කරඳගොල්ල, මලිත්තගොල්ල ප්‍රදේශයේ නායයෑමේ අවදානම නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ බදුල්ල දිස්ත්‍රික් නිලධාරීන් පිරිසක් පසුගියදා එහි ගොස් තිබුණි.

එහිදී තත්ත්වය පිරික්සූ ඔවුන් නායයෑමේ අවදානම අවම කිරීමට ජල ප්‍රවාහය වෙනත් දිශාවකට යොමු කිරීමටද පියවර ගෙන තිබුණි.

එය තාවකාලික විසඳුමක් බවත් මෙම තත්ත්වය නිරීක්ෂණයට තවත් විශේෂඥයන් කණ්ඩායමක් එහි පැමිණෙන බවත් එහිදී සඳහන් කෙරුණි.

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ තවත් භූ විද්‍යාඥයින් පිරිසක් අද එම ප්‍රදේශයට ළඟාවිය.

නායයෑමේ අවදානමට හේතු සොයා ඔවුන් මේ වනවිට පර්යේෂණ ආරම්භ කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධ‍න මහතා,

“අපි බලාපොරොත්තු වෙනවා නායයෑමේ සක්‍රියතාවය අවම කිරීම සඳහා කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ක්‍රියාමාර්ග ගන්න.”

“උමා ඔය පිරවීමත් එක්ක අවට ප්‍රදේශයේ ජල මට්ටම ඉහළ යන්නත් පුළුවන්. වර්ෂා ඇති වෙන්නත් පුළුවන්. ඒ සියලු දේ බලපාන්නත් පුළුවන්. නමුත් ඒ කිසිදෙයකින් අපිට පාලනය කළ නොහැකි තත්ත්වයට පත්වෙලා නැහැ.”

ඇල්ල කරඳගොල්ල නායයෑමේ අවදානම ගැන තවත් පරීක්ෂණයක්

Sera ella | matale | Cave under

Leave a comment

Your email address will not be published. Required fields are marked *