#Local News

උඩවලව වේල්ල හරහා මාර්ගය තාවකාලිකව වසා දැමේ

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් උඩවලව වේල්ල හරහා වූ මාර්ගය අද (15) සිට තාවකාලිකව වසාදැමීමට නියමිතව තිබේ.

ඒ අනුව ජනවාරි 15 වනදා දක්වා අදියර කිහිපයක් යටතේ එම මාර්ගය වසා දැමෙන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සඳහන් කරයි.

මාර්ගය දෙසැම්බර් 22 වනදා දක්වා සම්පූර්ණයෙන් වසා දැමෙන අතර, දෙසැම්බර් 23 දින සිට ජනවාරි 06 දක්වා එහි එක් මංතීරුවක් වසා දැමීමට නියමිතය.

කෙසේවෙතත් ජනවාරි 07 වනදා සිට ජනවාරි 14 දින දක්වා මාර්ගය යළි සම්පූර්ණයෙන් වසා දමන බව මහවැලි අධිකාරිය පැවසීය.

ඉන් අනතුරු ජනවාරි 15 වනදා උඩවලව වේල්ල හරහා මාර්ගය සම්පූර්ණයෙන්ම ගමනාගමනය සඳහා විවෘත කිරීමට නියමිතව ඇත.

මාර්ගය වසා දැමෙන කාලසීමාව තුළ විකල්ප මාර්ග ලෙස උඩවලව, ඇඹිලිපිටිය හරහා 13 කණුව දක්වා වන මාර්ගය භාවිත කළ හැකි බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සඳහන් කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *