#Local News

උප්පැන්න සහතික නොමැති ළමුන් වෙනුවෙන් වැඩසටහනක්

උප්පැන්න සහතික නොමැති ළමුන් සඳහා උප්පැන්න සහතික ලබාදීමේ වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව එක්ව දිවයින පුරා උප්පැන්න සහතික නොමැති දරුවන් හඳුනාගනිමින් ඔවුනට එම සහතික ලබාදීම මෙම වැඩසටහනේ අරමුණ වේ.

මේ වන විටත් සැලකිය යුතු ළමුන් පිරිසක් උප්පැන්න සහතික නොමැතිව විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන බවට වාර්තා වී ඇති බැවින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවය කරනු ලබන ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් මගින් මෙම ක්‍රියාවලිය මෙම මාසය පුරා සිදු කෙරේ.

මෙම වැඩසටහන ඔස්සේ ඔක්තෝබර් මාසය පුරා ලබා දෙන උප්පැන්න සහතික සඳහා කිසිදු අයකිරීමක් සිදු නොකරන බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *