#Local News

උසස් පෙළ විභාගයට පෙර ඩෙංගු මර්දන වැඩසටහන්

අධ්‍යනය පොදුසහිත පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දිවයිනේ සියලුම පරිශ්‍ර පිරිසිදු කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ජාතික ඩෙංගු මර්දන වැඩසටහන මඟින් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති නිජිත් සුමනසේන මහතා සඳහන් කළේ, මෙම වැඩසටහන දෙසැම්බර් මස 31 වනදායින් අවසන් කරන බවය.

“මේ වනවිට ඩෙංගු රෝගීන් වාර්තාවීම දිනපතා ඉහළ යමින් පවතිනවා. ලැබුණු වර්ෂාපතනය මදක් අඩුවෙමින් පවතිනවා. මේ තත්ත්වය මදුරු කීටයන් වර්ධනය වීමට සුබදායක තත්ත්වයක්. උසස් පෙළ ජනවාරියේ ආරම්භ වෙනවා. ඒ අනුව ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ උපදෙස් පරිදි උසස් පෙළ පැවැත්වෙන පාසල්වල මෙම ඩෙංගු මර්දන වැඩසටන ක්‍රියාත්මක කිරීම කඩිනමින් සිදුකරනවා. මෙය දෙසැම්බර් 31 අවසන් කරනවා…”

Leave a comment

Your email address will not be published. Required fields are marked *