#Local News

කපුටොයි මයිනොයි නැවත නැගිටින්න හදනවා – විපක්ෂ නායක

වැට් බදු සියයට 15 සිට 18 දක්වා වැඩි කළ ජනාධිපතිවරයා කඳුකරයේ සංචාරයක නිරත වන විට රට බංකොලොත් කළ, ජනපතිගේ ගෝලයෝ නැවත නැගිටිමට උත්සාහ කරන බවත් මොල 7ක් ඇති බව පවසා රට බංකොලොත් කළ කපුටන්ට මයිනන්ට නැවතත් කියන්න ඇත්තේ රටේ මිනිසුන් රට බංකොලොත් කළ අය එනතුරු බලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගව සම්පත සුරකින සම්මේලනයේදී රට බංකොලොත් කල ප්‍රධානියා විසින් සමගි ජන බලවේගය අවශ්‍ය අවස්ථාවේදී වගකීම බාර නොගෙන මේ වන විට ජනාධිපති සිහිනයක් සිටින බව පැවසූ බවත් රට බංකොලොත් කළ පොහොට්ටුවේ කණ්ඩායමක් සමඟ රට හදන්න බැරි නිසා එසේ වගකීම බාර ගැනීමට කැමැත්ත පළ නොකළ බවත් තමා ප්‍රමුඛ සමගි ජන බලවේගය රට බාර ගන්නේ ජනතා වරමින් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

සමගි ජන බලවේගය සෙසු පක්ෂ මෙන් නාලිකාවලට පැමිණ ෆයිල් පෙන්වා බොරු සෝබන නොපෙන්වන බවත් සමගි ජන බලවේගය සෑම විටම ප්‍රායෝගිකව රට බංකොලොත් කළ පිරිස නිතිය හමුවේ ඔප්පු කර අවසන් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ බියගම ආසනයේ පැවැති ජන රැළියකට එක්වෙමිනි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *