#Local News

කලාකරුවන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් 24ක් කුවේටයේදී අත්අඩංගුවට

කුවේට් හිදී සංවිධානය කරන ලද සංගීත ප්‍රසංගයකට සහභාගී වූ  ශ්‍රී ලාංකිකයන් 24 දෙනෙකු  කුවේට් බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

‘එතෙර අපි’ සංවිධානය විසින් එම සංගීත ප්‍රසංගය සංවිධානය කර තිබුණි.

එම පිරිස නිදහස් කර ගැනීම සඳහා කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අවශ්‍ය කටයුතු කරන බව  කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *