#Local News

කහතුඩුවේ අමුතු පාටියට ගිය 20-22 අතර 27ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය භාවිත කරමින් පැවති සාදයකට එක්වූ පුද්ගලයින් 19ක් සහ තරුණියන් 08ක් සැකපිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කහතුඩුව පොලීසියට ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී මාගම්මන ප්‍රදේශයේ නිවසක පැවති එම සාදයට එක්ව සිටි මෙම පිරිස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී සැකකරුවන් තිදෙනෙකු සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍යද තවත් සැකකරුවන් තිදෙනෙකු සන්තකයේ තිබී මත් පෙති ද පොලීසිය සොයාගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සියලුම සැකකරුවන් සහ සැකකාරියන් වයස වුරුදු 20 ත් 22ත් යන වයස්වල පසුවන බව පොලීසිය පවසයි.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම සැකකරුවන් සහ සැකකාරියන් පොළොන්නරුව, දෙහිඅත්තකණ්ඩිය, ගාල්ල, මහනුවර සහ දියතලාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවටය.

සැකකරුවන් පිරිස අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර කහතුඩුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

කහතුඩුවේ අමුතු පාටියට ගිය 20-22 අතර 27ක් අත්අඩංගුවට

MOST SCENIC EVENING IN MAHIYANGANAYA | SRI

Leave a comment

Your email address will not be published. Required fields are marked *