#Local News

කාගිල්ස් බැංකුවට අධි ඉල්ලුමක්

අද (14) දින විවෘත වූ කාගිල්ස් බෑන්ක් ලිමිටඩ් හි මූලික මහජන කොටස් නිකුතුව සඳහා අධිදායකත්වයක් ලැබී ඇති බව එම කොටස් නිකුතුවේ රෙජිස්ට්‍රාර් ආයතනය වන SSP කෝපරේට් සර්විසස් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී.

කාගිල්ස් බැංකුව, ශ්‍රී ලංකාවේ මෙතෙක් ලැයිස්තුගත කර නොමැති එකම දේශීය වානිජ බැංකුව වන අතර ඊට මූලික මහජන කොටස් නිකුතුවක් හරහා කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත වීමට පසුගිය දා අනුමැතිය හිමිවිය.

ඒ අනුව කොටස් මිලියන 62.5 ක් නිකුත් කිරීමට සමාගම විසින් පියවර ගත් අතර එහිදී කොටසක මිල රු. 8 ක් ලෙසින් සඳහන් විය. රු. මිලියන 500 ක ප්‍රාග්ධනයක් මෙම කොටස් නිකුතුව හරහා බැංකුව විසින් සම්පාදනය කර ගැනීමට සැලසුම් කර තිබුණි.

මෙම මූලික මහජන කොටස් නිකුතුව අද (14) දින විවෘත වූ අතර ඊට ලැබී ඇති අධිදායකත්වය හේතුවෙන් අද පස්වරු 4.30ට නිකුතුව වසා දමන බව, නිකුතුවේ රෙජිස්ට්‍රාර් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *