#Local News

කිසිදු ඖෂධ වංචාවක් සිදුවීමට ඉඩ තියන්නේ නෑ – සෞඛ්‍ය ඇමති

කිසිදු ඖෂධ වංචාවක් සිදුවීමට ඉඩ නොතබන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

ඔහු පැවසුවේ දැනට හිඟව පවතින ඖෂධ ඉදිරි මාස 6 තුළදී යථාවත් වනු ඇති බවයි.

ඇතැම් රෝහල්වල අබලන්වී ඇති ස්කෑන් යන්ත්‍ර සඳහා අවශ්‍ය උපකරණ ලංකාවට ගෙන්වීමට පියවර ගෙන ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. 

ඔහු විශ්වාසය පල කළේ, ඉදිරි සති දෙක තුල එම ගැටලුව නිරාකරණය වනු ඇති බවයි. 

සීටි ස්කෑන් යන්ත්‍ර 03 ක ගැටලු ඇති අතර එම ගැටලු නිරාකරණය කරමින් ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.  

Leave a comment

Your email address will not be published. Required fields are marked *