#Local News

කුරුළු උණ නිසා ලංකාවට බලපෑමක් තිබේද ?

ලොව ඇතැම් රටවල ව්‍යාප්ත වෙමින් පවතින කුරුළු උණ රෝගී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාවට මෙතෙක් අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

කුරුළු උණ සම්බන්ධයෙන් අනතුරුදායක තත්ත්වයක් මෙරටට නොමැති වුවද ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කළේය.

“ශ්‍රී ලංකාවේ ජනතාවට අපිට කියන්න තියෙන්නේ විශේෂයෙන්ම මෙවැනි රෝගී තත්ත්ව ගැන අවදානමක් නැහැ. විශේෂ අනතුරු ඇඟවීමක් ලෝක සෞඛ්‍ය සංවිධානය අප වෙත කරලත් නැහැ. කුරුළු උණ රෝගී තත්ත්වයන් මීට පෙරත් ලෝකයේ විවිධ රටවලින් වාර්තා වුණා  නමුත් ඒවා විශේෂ පැතිරීමකට ලක්වුණේ නැහැ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් කිසිම අනියත බියක් ඇති කර ගත යුතු නැහැ මේ අවස්ථාවේදී.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *