#Local News

කුවේට් ගිහින් නිරපරාදේ වෙඩිකෑ සාගර හිස් අතින් ලංකාවට එයි

ශ්‍රී ලාංකිකයෙකුට කුවේට් ජාතිකයෙකු වෙඩිතැබීමේ සිද්ධියක් පසුගියදා වාර්තා වුණි.

කුවේට් ආපනශාලාවක ආහාර ඇනවුම් බෙදාහැරීමේ රැකියාවක නිරතවී සිටි අදාළ ශ්‍රී ලාංකිකයාට කුවේට් ජාතිකයෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර තිබුණේ ඇනවුම ප්‍රමාදවූ නිසා උරණවීම හේතුවෙනි.

නමුත්, එම සිදුවීමෙන් පසු කිසිඳු සාධාරණයක් ඉටුනොවුණු තැන ඔහු අද (27) දිවයිනට පැමිණියේ සාධාරණයක් ඉටුකරන ලෙස මෙරට බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමිනි.

එම අවස්ථාවට ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානයේ සභාපතිවරයා ඇතුළු පිරිසක්ද එක්වී තිබුණි.

කුවේට්හි වසර 6ක් රැකියාවේ නිරතව සිටි සාගර ලක්ෂ්මන් තිලකරත්න නම් ශ්‍රී ලාංකිකයෙකුට එරටදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ පුවතක් අප පසුගිය පෙබරවාරි 23 වනදා අද දෙරණ ඔස්සේ වාර්තා කළේය.

වෙඩිවැදීමෙන් සාගරගේ උදරය ප්‍රදේශයට තුවාල සිදුවී තිබේ.

රාජංගනය යාය 11 ප්‍රදේශයේ පදිංචි සාගර 46 හැවිරිදි දෙදරු පියෙකි.

ඔහු පවසන්නේ දරු දෙදෙනාද පාසල් වියේ පසුවන අතර ඔහුගේ බිරිඳ ද අසනීප තත්ත්වයෙන් පසුවන බවය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *