#Local News

කෙහෙළියට දුන් සැප වාහනේ පත්තුවෙයි

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව අධිකරණයට රැගෙන ඒමට බන්ධනාගාරයට ළමයින් ප්‍රවාහනයට යොදාගන්නා වෑන් රථයක් භාවිත කිරීම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

එම වෑන් රථය දරුවන් ප්‍රවාහනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල  මගින් පරිත්‍යාග කෙරුණු වෑන් රථයකි.

එම වැන් රථය  අමාත්‍යවරයාව අධිකරණයට රැගෙන ඒමට යොදාගැනීම සම්බණ්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන් ය. 

මේ සම්බන්ධයෙන් අද දෙරණ බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී එහි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අදාළ දිනයේ ප්‍රවාහන කටයුතු සඳහා ප්‍රමාණවත් බස් රථ නොතිබුණු බැවින් එම වෑන් රථය යොදාගත් බවට නිලධාරීන් දැනුම්දුන් බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *