#Local News

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක ජල සැපයුම හදිසියේ අත්හිටුවයි


හදිසි බිඳ වැටීමක් හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලස්ගමුව, කොළොන්නාව යූසී ප්‍රදේශ, කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිදුවූ හදිසි විදුලි බිඳ වැටීමක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව සඳහන්.

අදාළ අලුත්වැඩියා කටයුතු සිදු වෙමින් පවතින බවයි ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පැවසුවේ

Leave a comment

Your email address will not be published. Required fields are marked *