ගංජා හේනක් වටලා ගිනි තැබූ හැටි
තණමල්විල පොලිස් වසමේ නාලිය රක්ෂිතය තුළ ඉතා සූක්ෂමව පවත්වාගෙන ගිය ගංජා හේන් දෙකක් වැටලීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා.
එහිදී, පර්චස් 10 ක පමණ භූමි ප්‍රමාණයක වගා කර තිබූ උස අඩි 02 යි, අඟල් 05 ක් පමණ වන ගංජා ගස් 1,400ක් සහ පර්චස් 12 ක පමණ භූමි ප්‍රමාණය වගා කර තිබූ උස අඩි 08 ක් පමණ වන ගංජා ගස් 2,100ක් සොයාගත් බවයි එම බලකාය සඳහන් කළේ.
එය පවත්වාගෙන ගිය පුද්ගලයන් කවුරුන්ද යන්න මෙතෙක් තහවුරු වී නැහැ.
පොලිස් විශේෂ කාර්ය බලකාය මෙම ගංජා වගාව සොයාගෙන ඇත්තේ, ඩ්‍රෝන කැමරා උපයෝගි කර ගනිමින්.
සොයාගත් ගංජා ගස් තොගය ගිනි තබා විනාශ කර තිබෙනවා