#Local News

ජනපතිගේ කාටූන් ඇතුළත් “Press Vs. Prez” කෘතිය එළිදැක්වීම අද

රට ආර්ථික අර්බුදයෙන් මුදා ගැනීමේ අසීරු කාර්යය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවිශේෂී භූමිකාව පුවත්පත්වල කාටුන් ශිල්පීන් දුටු ආකාරය එක් කර සම්පාදනය කළ “Press Vs. Prez” කෘතිය එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(07) සවස 4.00ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී සිදු කෙරේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා විසින් මෙම කෘතිය සම්පාදනය කර තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා 2021 ජූනි 23 වනදා 9 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දුන් දා සිට එතුමාගේ ජාතික නායකත්වයේ ගමන් මග පිළිබඳ 2023 මැයි මාසය දක්වා පුවත්පත්වල පළවු කාටූන් 600ක් පමණ එක් කර මෙම කෘතිය නිර්මාණය කර ඇත.

කාටූන් ශිල්පීන් 40 දෙනෙකු සහ ජනමාධ්‍යවේදීන් 20කට ආසන්න පිරිසක් විසින් මෙහි නිර්මාණ දායකත්වය ලබා දී තිබෙන අතර එම කාටුන් ශිල්පින් සහ රූපවාහිනිය ඔස්සේ ඒවා ඉදිරිපත් කළ රූපවාහිනී නිවේදකයින් ද මෙහිදි ඇගයීමට නියමිතය.

කෘතිය එළිදැක්වීමේ අවස්ථාවේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස ඉන්දීය කාටූන් ශිල්පී නාලා පොන්නප්පා මහතා සහභාගී වීමට නියමිත අතර ඔහු විසින් විශේෂ දේශනයක් ද සිදු කරනු ඇත.

කෘතියේ විචාර දේශනය මහාචාර්ය රොහාන් නෙත්තසිංහ මහතා විසින් සිදු කරයි.

හිටපු ජනාධිපතිවරු, පාර්ලිමේන්තු මැති ඇමතිවරු, විදෙස් තානාපතිවරු, මාධ්‍යවේදීන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා ආරාධනා ලැබ සිටී.

Leave a comment

Your email address will not be published. Required fields are marked *