#Local News

ජීවිත දෙකක් බිළිගත් තලාව අනතුර

බස් රථයක් හා ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු රෝහල්ගත කර තිබේ.

අනුරාධපුර – පාදෙනිය මාර්ගයේ, තලාව ඉන්ධනහල අසලදී අද (23) අලුයම මෙම බිහිසුණු අනතුර සිදුවිය.

ඉන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් සහ 21ක් වූ එප්පාවල ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයින් දෙදෙනෙකි.

අනතුරට ලක්වූ ත්‍රිරෝද රථයේ  සිව් දෙනෙකු ගමන් කර තිබුණි. 

විනෝද චාරිකාවක් සඳහා පිරිසක් සමග රත්නපුර සිට යාපනය බලා පිටත් ගමන්කරමින් තිබූ බස් රථයක ත්‍රිරෝද රිය ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි තලාව පොලීසිය පවසයි.

අනතුරින් එම ස්ථානයේම දෙදෙනෙකු මියගොස් ඇති අතර තුවාලකරුවන් තලාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වෙයි.
 

Leave a comment

Your email address will not be published. Required fields are marked *