#Local News

තර්ජනී යුග දිවියට

ආසියාවේ උසම දැල්පන්දු ක්‍රීඩිකාව වන ශ්‍රී ලංකාවේ තර්ජනි සිවලිංගම් ඊයේ (18) විවාහ දිවියට පිවිසියාය.

තර්ජනි ජනප්‍රිය වෙන්න ප්‍රධාන හේතුව ඇගේ උසයි.

තර්ජනි අඩි 6යි අගල් 9ක් උස වන අතර, ඇය දැල්පන්දු පිටියේ උසම ක්‍රීඩිකාව ලෙස හැඳින්වේ.

තර්ජනී පසුගිය දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියෙන් පසු දැල්පන්දු පිටියට සමුදුන්නාය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දැල්පන්දු ලෝක කුසලාන තරගාවලි 4ක් නියෝජනය කිරීමට සමත්වු තර්ජනී ආසියානු දැල්පන්දු තරගාවලි 5ක දි ශ්‍රී ලංකාව නියෝජනය කළාය.

2019 දැල්පන්දු ලෝක කුසලානයට සහභාගීවනවිට තර්ජනීට වයස අවුරුදු 40ක්වූ අතර දැල්පන්දු ලෝක කුසලාන තරගයක් වෙනුවෙන් ක්‍රීඩා කළ වයස්ගතම ක්‍රීඩිකාව බවට ඇය පත්වුණි.

ඇගේ එම වාර්තාවම ඇය 2023 දැල්පන්දු ලෝක කුසලානයට සහභාගීවෙමින් බිඳ හෙළුවාය.

ශ්‍රී ලංකාවේ දැල්පන්දු රැජින ලෙස සැලකෙන තර්ජනී සිවලිංගම්ගේ නව විවාහ ජීවිතයට අද දෙරණ අපෙන් උණුසුම් සුබ පැතුම්.

Leave a comment

Your email address will not be published. Required fields are marked *