#Local News

තලවතුගොඩ Street Food අද සිට නැහැ?

තලවතුගොඩ කිඹුලාවලප්‍රදේශයේ පිහිටි Street Food අලෙවිසැල් අද (08) ඉවත් කරගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇති වුවද සිය වෙළඳසැල් ඉවත් කිරීමට හේතුව නිශ්චිතව දක්වා නොමැති බවයි වෙළෙඳසැල් හිමියන් සඳහන් කරන්නේ.

මධුර විතානගේ අමාත්‍යවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් මෙම වෙළඳසැල් විධිමත් ලෙස පවත්වාගෙන යන ලෙස උපදෙස් ලබාදී තිබූ අතර එසේ තිබියදීත් තෙවැනි වතාවට මෙලෙස අලෙවිසැල් ඉවත් කරගන්නා ලෙස දැනුම් දී ඇති බවයි වෙළෙඳසැල් හිමියන් වැඩිදුරටත් සඳහන් කරන්නේ

Leave a comment

Your email address will not be published. Required fields are marked *