#Local News

තවත් ගසක් මෝටර් රථයක් මතට කඩා වැටෙයි

මහවැව, කොස්වාඩිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් මතට ගසක් කඩා වැටී පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා තිබේ.

අද (24) දහවල් මෙම අනතුර සිදුවු අතර, මෝටර් රථයේ සිටි පුද්ගලයින් තිදෙනෙක් මාරවිල මුලික රෝහලට ඇතුළත් කළ බව පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය හා අපදා සහන නිලධාරීන් පවසයි.

හලාවත සිට කොළඹ බලා ගමන් කරමින් තිබු මෝටර් රථය කොස්වාඩිය ප්‍රදේශයේ දී නවතා තිබියදී නොසිතු ලෙස එම ස්ථානයේ තිබු දැවැන්ත ගසක් එකවර මෝටර් රථය මතට කඩා වැටී ඇත.

අනතුරින් එකම පවුලේ සැමියා, බිරිඳ සහ හත් හැවිරිදි දියණිය මෙලෙස තුවාල ලබා තිබේ.

මෝටර් රථයේ සිරවී සිටි සියලුදෙනාම මහතා පරිශ්‍රමයක් දරා එළියට ගැනීමට ප්‍රදේශවාසීන්ට හැකි වී තිබු අතර දියණිය හා අදාළ යුවළ දැඩි කම්පනයට පත්ව සිටි බව ඔවුන් පැවසීය.

පසුගිය දින කිහිපය තුළ ගස් කඩා වැටීමේන් යතුරුපැදිවල ගමන් කළ කාන්තාවන් තිදෙනෙකු මරණයට පත් තිබිණි.        

Leave a comment

Your email address will not be published. Required fields are marked *