#Local News

ත්‍රිපෝෂ ගැන අලුත් කතාවක්

කුඩා දරුවන්ට ලබාදෙන ත්‍රිපෝෂවල වසවිස පාලනය කිරීමේ නීති වෙනස් කිරීමට කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණය හේතුවෙන් ඉදිරියේදී පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යනු ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

එම පක්ෂයේ පුබුදු ජයගොඩ මහතා සඳහන් කළේ, ත්‍රිපෝෂ හැදීමට ගන්නා බඩ ඉරිඟුවල අන්තර්ගත විය හැකි උපරිම ඇෆ්ලටොක්සින් ප්‍රමාණය අගය 5 සිට 10 දක්වා වැඩි කිරීමට පියවර ගෙන ඇති බවය.

මෙම පියවර මඟින්  කුඩා දරුවන් සහ මව්වරුන් ඇතුළු සියල්ලන්ගේ ජීවිත අවදානමට ලක්වන බව පුබුදු ජයගොඩ මහතා පවසයි.

“පත්‍රිකාවක් යොමු කරලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන රමේෂ් පතිරණ. ඔහු කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටින්නේ, බඩඉරිඟු කොටස් මිලියනයකට කොටස් 5ක් ලෙස පවතින උපරිම ඇෆ්ලටොක්සින් ප්‍රමාණය 10ක් දක්වා වෙනස් කරන්න. ඒ කියන්නේ කුඩා දරුවන්, ගැබිනි මව්වරු හා කිරිදෙන මව්වරුන්ට ලබාදෙන ත්‍රිපෝෂවල විස රසායනික ප්‍රමාණය දෙගුණ කරන සීමාවකට යන්න කියලා. ඒ සඳහා 1980 අංක 26 දරණ ආහාර පනත සංශෝධනය කරන්න කියලා ඉල්ලලා තියෙන්නේ. ඒ කැබිනට් පත්‍රිකාව අනුමත කරලා තියෙනවා. ඒ තුළින් කුඩා දරුවන්ගේ හා මව්වරුන්ගේ සෞඛ්‍ය ගැන බරපතළ තත්ත්වයක් මතුවෙලා තියෙනවා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *