#Local News

තාක්ෂණික දෝෂයක් නිසා ශ්‍රීලන්කන් ප්‍රමාදයක්

දකුණු කොරියාව බලා පියාසර කිරීමට තිබූ ශ්‍රීලන්කන් යානයක තාක්ෂණික දෝෂයක් හේතුවෙන් නියමිත වේලාවට පිටත්වීමට නොහැකි වී තිබේ.

මෙලෙස තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගමන් ප්‍රමාද වී ඇත්තේ මගීන් 217ක් රැගෙන දකුණු කොරියාවේ ඉන්චියොන් වෙත යාමට නියමිතව තිබූ යානයකි.

පසුගිය 19 වනදා මෙම සිදුවීම වී තිබේ.

ශ්‍රීලන්කන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ යානය ප්‍රමාද වී පිටත්වීම සඳහා අවසර ලබාගැනීමෙන් පසුව මාර්තු මස 20 වනදා උදැසන මගීන් 117ක් රැගෙන කොරියාවේ ඉන්චියොන් වෙත පියාසර කර ඇති බවය.

ඒ අනුව කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමට සිටි ඉතිරි මගීන් 100 දෙනාට මාර්තු 24 වනදා දකුණු කොරියාවේ ඉන්චියොන් වෙත යාමට පහසුකම් සලසා ඇති බව ශ්‍රීලන්කන් ගුවන් සේවය පවසයි.

සිදුවූ ප්‍රමාදය හේතුවෙන් දකුණු කොරියාවේ ඔවුන්ගේ රැකියාවලට බලපෑමක් ඇති නොකරනු ඇතැයි අපේක්ෂා කරන බවද ශ්‍රීලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කරයි.

තාක්ෂණික දෝෂයක් නිසා ශ්‍රීලන්කන් ප්‍රමාදයක්

Speaker endorses the certificate on two Bills

Leave a comment

Your email address will not be published. Required fields are marked *