#Local News

තිදරු පියා ට කළ සැත්කම වැරදුණා ද ?

කොළඹ ජාතික රෝහලේදී සිදුකළ ශල්‍යකර්මයකදී මැදිරිගිරියේ පදිංචි තිදරු පියෙක් මියයාම සම්බන්ධයෙන් සැත්කම සිදුකළ වෛද්‍යවරයා වගකීම භාරගත යුතු බවට ඥාතීන් චෝදනා කරයි.

මියගිය පුද්ගලයාගේ නහරයක් කැපී සිදුවූ අධිර රුධිර වහනයෙන් පුද්ගලයා මියගොස් ඇති බවට වෛද්‍යවරයෙක් සඳහන් කළත්, සැත්කම සිදුකළ වෛද්‍යවරයා සඳහන් කර තිබුණේ යම්කිසි දෙයක් ඇනී මෙලෙස නහරයකට හානි සිදුවී ඇති බවටය.

2023 වසරේ නොවැම්බර් මාසයේදී මැදිරිගිරිය ප්‍රදේශයේ බස් රථයක ගැටී මැදිරිගිරියේ පදිංචි ශාංචන රාජපක්ෂ නමැති 41 හැවිරිදි තිදරු පියා අනතුරකට ලක්වී තිබුණි.

වම් අතෙහි වූ කිසියම් තැලීමක් හේතුවෙන් ඔහුගේ වම් අත ඉස්සීමේ අපහසුතාවයක් දිගින් දිගටම පැවතීම එදිනෙදා රාජකාරී කිරීමේදී ශාංචනට බාධාවක් වී විය.

ඊට ප්‍රතිකාර කිරීම සඳහා මහනුවර පෞද්ගලික රෝහලකින් වෛද්‍යවරයකු හමුවූ ඔහුට පවසා තිබුණේ, ස්නායු බිඳීමක් සිදුව ඇති බැවින් ශල්‍යකර්මයක් සිදුකළ යුතු බවය. 

පෞද්ගලික රෝහලකදී ශල්‍යකර්මය සිදුකරනවා නම් රුපියල් ලක්ෂ 15ක පමණ මුදලක් වැය වන බවත්, රජයේ රෝහලක සිදුකරනවා නම් දිගු කලක් පොරොත්තු ලේඛනයේ සිටීමට සිදුවන බවත් එහිදී වෛද්‍යවරයා සඳහන් කර තිබුණි.

ආර්ථික අපහසුතා හේතුවෙන් ඔහු ජූලි 21 වැනිදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් වන්නේ අදාළ ශල්‍යකර්මය සිදුකර ගැනීම සඳහාය. 

එම සැත්කම සිදුකරනු ලබන්නේ, මහනුවර පෞද්ගලික රෝහලේදී ශංචනව පරීක්ෂා කළ වෛද්‍යවරයා විසිනි. 

ඒ අනුව එම තිදරු පියාගේ සැත්කම කොළඹ ජාතික රෝහලේදී ජුලි 22 වැනිදා සිදුකරනු ලබයි. 

සැත්කමින් පසු ශාංචනට සිහිය නොමැතිවීම හේතුවෙන් ඔහුගේ බිරිඳ මේ පිළිබඳ වෛද්‍යවරයාගෙන් විමසා තිබේ. 

දිනෙන් දින ශාංචනගේ රෝගී තත්ත්වය උත්සන්න වී ඔහුගේ මොළය මියයන්නට පටන්ගැනීමත් සමග වෛද්‍යවරුන් පවසා ඇත්තේ රෝගියා බේරාගැනීමට නොහැකිවීම හේතුවෙන් ශ්වසන ආධාරක ඉවත් කිරීමට සිදුවන බවය.

මියගිය ශාංචනගේ පියා පවසා සිටියේ, “මරණයට සූදනාම් වන්න කිව්වා” යනුවෙනි. 

වෛද්‍යවරයාගේ නොසැලකිලිමත් භාවය හේතුවෙන් සිය සැමියා මියගිය බවට සඳහන් කර ශාංචනගේ බිරිඳ කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිපි යොමුකර තිබේ.

ශාංචනගේ මරණ පරීක්ෂණ වාර්තාව තවමත් නිකුත් කර නොමැති අතර අධිකරණ වෛද්‍ය නිලධාරියා පවසා ඇත්තේ ඔහුගේ දේහය භූමදාන කරන ලෙසටය.

මේ සම්බන්ධයෙන් විමසීමට කොළඹ ජාතික රෝහලේ බලධාරීන් සම්බන්ධ කරගැනීමට අප උත්සාහ කළද එය අසාර්ථක වුණි.

තිදරු පියා ට කළ සැත්කම වැරදුණා ද ?

Wiz Khalifa – See You Again ft.

Leave a comment

Your email address will not be published. Required fields are marked *