#politics

දියෙගෝ ගාර්සියා: ශ්‍රී ලාංකික සරණාගතයින් සිටින බ්‍රිතාන්‍ය හුදෙකලා දූපත මිනිස් වාසයට සුදුසු නැතැයි එක්සත් ජාතීන් කියයි

  • ඇලිස් කඩී
  • Role,බීබීසී පුවත්
  • 22 ජනවාරි 2024

එක්සත් රාජධානිය සහ අමෙරිකාව එක්ව රහසිගත හමුදා කඳවුරක් පවත්වාගෙන යන ඉන්දියානු සාගරයේ පිහිටි බ්‍රිතාන්‍යයට අයත් භූමිය දීර්ඝ කාලීනව සංක්‍රමණිකයින් රඳවා තැබීම සඳහා “සුදුසු ස්ථානයක් නොවන” බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ ඒජන්සිය පවසා තිබේ.

ශ්‍රී ලාංකික දෙමළ වැසියන් පිරිසක් වසර දෙකකට අධික කාලයක් තිස්සේ දියේගෝ ගාර්සියා දූපතේ තාවකාලික කඳවුරක අතරමං වී සිටිති.

එම භූමියේ සරණාගතයින්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් පියවර ගත් පළමු අවස්ථාව එය යි.

බ්‍රිතාන්‍ය රජය පැවසුවේ, ඔවුන් “දීර්ඝ කාලීන විසඳුමක්” ලබා දීමට පියවර ගනිමින් සිටි බව ය.

“සංක්‍රමණිකයින්ගේ යහපැවැත්ම සහ ආරක්ෂාව… මූලික ප්‍රමුඛතාව” බව බ්‍රිතාන්‍ය ඉන්දියානු සාගර කලාප පරිපාලන ආයතනයේ ප්‍රකාශකයෙක් පැවසීය. බ්‍රිතාන්‍ය ඉන්දියානු සාගර කලාපය (British Indian Ocean Territory (Biot) යනු එම දූපතේ නිල නාමය යි.

ශ්‍රී ලාංකික දෙමළ වැසියන් පිරිසක් වසර දෙකකට අධික කාලයක් තිස්සේ දියේගෝ ගාර්සියා දූපතේ තාවකාලික කඳවුරක අතරමං වී සිටිති.

2023 වසරේ අග භාගයේදී එක්සත් රාජධානියේ බලධාරීන් විසින් පහසුකම් සපයන ලද සංචාරයකදී එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් දියේගෝ ගාර්සියා වෙත ගියහ. වසර දෙකකට අධික කාලයකට පෙර සංක්‍රමණිකයන් පැමිණීමෙන් පසු එම නියෝජිතයින්ට දූපත නැරඹීමට ප්‍රවේශය ලබා දුන් පළමු අවස්ථාව එය විය.

එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ, තමන් සොයාගත් දේ පිළිබඳව නිලධාරීන් සමග “පසු විපරම් කරමින්” සිටින බව ය.

“දියෙගෝ ගාර්සියා කියන්නේ සිවිල් ජනගහනයක් නැති හමුදා කඳවුරක් පවත්වාගෙන යන දූපතක්. ඒ වගේ ම, මේ සංක්‍රමණිකයින්ට දීර්ඝ කාලයක් ඉන්න සුදුසු තැනක් නෙවෙයි එතන,” බීබීසී පුවත් සේවයට කෙටි ප්‍රකාශයක් දෙමින් එහි ප්‍රකාශකයෙක් පැවසීය.

“තවමත් ඉටු වී නැති ඉල්ලීම්, සාධාරණ හා කාර්යක්ෂමව නිර්ණය කිරීම සහතික කරන ලෙසත්, ජාත්‍යන්තර නීතියට අනුකූලව ජාත්‍යන්තර ආරක්ෂාවක් අවශ්‍ය යැයි හඳුනාගත් පුද්ගලයින් සඳහා විසඳුම් ලබා දීම තහවුරු කරන ලෙසත් අපි එක්සත් රාජධානියෙන් අඛණ්ඩව ඉල්ලා සිටිනවා.”

සංක්‍රමණිකයින් සහ බලධාරීන් පවසන පරිදි 2021 වසරේ ඔක්තෝබර් මාසයේදී පළමු දෙමළ වැසියන් කණ්ඩායම දියෙගෝ ගාර්සියා වෙත ගොඩ බැස්සේ, කැනඩාව බලා යාත්‍රා කරමින් සිටියදී ඔවුන්ගේ යාත්‍රාව කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙනි.

සංක්‍රමණිකයින් සහ බලධාරීන් පවසන පරිදි 2021 වසරේ ඔක්තෝබර් මාසයේදී පළමු දෙමළ වැසියන් කණ්ඩායම දියේගෝ ගාර්සියා වෙත ගොඩ බැස්සේ, කැනඩාව බලා යාත්‍රා කරමින් සිටියදී ඔවුන්ගේ යාත්‍රාව කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙනි.

මෙම දූපත ජනතාව වෙසෙන ගොඩබිම් වලින් සැතපුම් සිය ගණනක් ඈත්ව පිහිටා ඇති අතර, අනවසර ආගන්තුකයින්ට තහනම් භූමියකි.

කණ්ඩායමේ සරණාගත ඉල්ලීම් එම දූපතේ පරිපාලනයෙන් ඔබ්බට ගොස් ක්‍රියාත්මක කරන ලද ප්‍රථම අවස්ථාව මෙය වන අතර, ‘Biot’ “ව්‍යවස්ථානුකූලව වෙනස් සහ එක්සත් රාජධානියෙන් වෙන් වූ” ප්‍රදේශයක් ලෙස විස්තර කර තිබේ. එමෙන් ම, එම දූපත සම්බන්ධයෙන් සරණාගත සම්මුතිය අදාළ නොවන බව අධිකරණ පත්‍රිකා සඳහන් කරයි.

2009 වසරේදී අවසන් වූ සිවිල් යුද්ධයෙන් පරාජයට පත්වූ ශ්‍රී ලංකාවේ හිටපු LTTE සාමාජිකයින් සමග සබඳතා පැවැත්වූ බවට චෝදනා එල්ල වී ඇති මෙම කණ්ඩායමේ බොහෝ දෙනෙකු එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ තාඩන පීඩනවලට මුහුණ දුන් බව පවසති.

උපවාස

සරණාගතයින් පවසා ඇත්තේ, දූපතේ තත්ත්වය අපායකට සමාන බවත්, දූපතේ අසාමාන්‍ය නීතිමය තත්ත්වය නිසා ඔවුන් අවිනිශ්චිත තත්ත්වයකට ඇද දමා ඇති බවත් ය.

මෙහි සියදිවි නසා ගැනීමට තැත් කිරීම් සහ හානි කර ගැනීම් රැසක් සිදුව තිබේ. නීතිඥයින් පවසන පරිදි ළමයින් ඇතුළු කිහිප දෙනෙකු උපවාසයන්හි පවා නිරත ව තිබේ.

“අපි ජීවත් වෙන්නේ ජීවිතයක් නැතුව. මට දැනෙන්නේ මම මැරිච්ච මිනිහෙක් වගේ කියල යි,” එක් පුද්ගලයෙක් පසුගිය වසරේදී බීබීසී පුවත් සේවයට පැවසීය.

දියේගෝ ගාර්සියාහි සරණාගතයින් නියෝජනය කරන නීතිඥයින් පවසන්නේ, දූපතේ තවමත් පුද්ගලයින් 60 දෙනෙකු පමණ වෙසෙන බව ය. කිහිප දෙනෙකු සියදිවි හානි කර ගැනීමට ගත් උත්සහයන්ගෙන් පසුව ප්‍රතිකාර සඳහා රුවන්ඩාවට යවා ඇත.

මෙම සතියේ එක්සත් ජනපද පාර්ලිමේන්තුවේ සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කළ, සරණාගතයින් කිහිප දෙනෙකු නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයට යැවීමේ රජයේ සැලැස්මට මෙම විධිවිධානය හාත්පසින් වෙනස් බව බීබීසී පුවත් සේවයේ අදහස යි.

“අපගේ සේවාදායකයින් වසර දෙකකට වැඩි කාලයක් දියේගෝ ගාර්සියා දූපතේ අවිනිශ්චිත තත්ත්වයක සිටින අතර තවමත් ජාත්‍යන්තර ආරක්ෂාව සඳහා ඔවුන්ගේ හිමිකම් නීත්‍යනුකූලව පිළිගෙන නැහැ,” කණ්ඩායමේ නීතීඥවරියක වන ටෙසා ග්‍රෙගරි පැවසීය.

“ඔවුන්ට විඳ දරා ගැනීමට සිදුවී ඇති තත්ත්වයන්… දරුවන් සිටින වධහිංසාවලින් සහ ලිංගික හිංසනයෙන් දිවි ගලවා ගත් පුද්ගලයින්ගෙන් සමන්විත කණ්ඩායමකට දරුණු වගේ ම කිසිසේත් ම සුදුසු නැහැ.”

සංක්‍රමණිකයන් වෙනුවෙන් පෙනී සිටින බ්‍රිතාන්‍ය නීතිඥයින් එම දූපතට ප්‍රවේශ වීමට උත්සහ කරන බව ටෙසා ග්‍රෙගරි පැවසුවාය.

මේ වන විට, ජාත්‍යන්තර ආරක්ෂාව ඉල්ලා සිටි සරණාගතයින් පස් දෙනෙකුට ඊට අනුමැතිය හිමි වී ඇති නමුත්, ඔවුන් නැවත පදිංචි කිරීම සඳහා කිසිදු රටක් මෙතෙක් හඳුනාගෙන නැත.

රජයේ ප්‍රකාශකයා පැවසුවේ, “සිය උපන් රටට ආරක්ෂිතව ආපසු යා නොහැකි ඕනෑ ම අයෙකු පිළිගන්නා මැදිහත්කාර රටවල් සමග සාකච්ඡා කරමින් සිටින,” බව ය.

“අවිචාරවත් සැලකීම් සම්බන්ධයෙන් වන සියලු චෝදනා බැරෑරුම්ව සලකා පූර්ණ විමර්ශනයක් සිදු කරන,” බව රජය බීබීසී පුවත් සේවයට මීට පෙර පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *