#Local News

දියේ ගිලී 15 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

නාවලපිටිය පොලිස් වසමේ, ගඟබඩ දිය ඇල්ලේ දියනෑමට ගිය පිරිමි දරුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ සම්බන්ධයෙන් පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 15ක පානබොක්ක, කඩුගන්නාව ලිපිනයේ පදිංචිව සිටි දරුවෙකි.

මියගිය දරුවා තවත් දරුවන් සිව්දෙනෙක් සමග දියඇල්ල නැරඹීමට ගොස් දියනාමින් සිටිය දී අනතුරට මුහුණපා ඇති බව සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

දරුවන් දෙදෙනෙකු දියේ ගිලී නාවලපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර අනෙක් දරුවන් දෙදෙනාට කිසිදු අනතුරක් සිදුව නොමැත.

මේ අතර මීගලෑව පොලිස් වසමේ 7 ඇළෙහි පුද්ගල මළ සිරුරක් ඇති බවට පොලීසිය පණිවුඩයක් ලැබී තිබේ.

එලෙස මියගොස් ඇත්තේ 47 හැවිරිදි පුද්ගලයෙකි.

මේ අතර පානදුර වෙරළ තීරයේ දියනාමින් සිටි පිරිසක් අතරින් කාන්තාවක් හා පිරිමි ළමුන් දෙදෙනෙකු දියේ ගිලෙමින් සිටියදී ජීවිතාරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් සැරයන්  51142 සුසන්ත සහ පොලිස් කොස්තාපල් 91046 දසුන් යන අය විසින් ඔවුන්ව බේරාගැනීමට සමත්ව තිබේ.

අනතුරට පත් දරුවන් දෙදෙනා 15 හැවිරිදි වියේ පසුවන අතර කාන්තාව 40 හැවිරිදි අයෙකි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *