#Local News

දිවයින පුරා විදුලිය බිඳ වැටීමේ විමර්ශනයට රාජ්‍ය බුද්ධි සේවාවෙන් කණ්ඩායමක්

දිවයිනපුරා විදුලිය විසන්ධි වීම පිළිබඳ සොය බැලීම සඳහා බාහිර කමිටුවක් පත් කර තිබේ.
විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කළේ, ඊට අමතරව සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු රාජ්‍ය බුද්ධි සේවාවට ද ලබාදී ඇති බවයි.

පසුගිය සෙනසුරාදා පස්වරු 5.10 ට පමණ දිවයින පුරා විදුලිය බිඳ වැටුණි.

ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේ, පැය පහමාරක් තුළ දිවයින පුරා විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට හැකිවූ බවයි.

දිවයින පුරා සිදු වූ විදුලිය බිඳ වැටීමට හේතුව, කොත්මලේ – බියගම සම්ප්‍රේෂණ රැහැන් මාර්ගයට අකුණු සැර වැදීමක් බව පසුව ප්‍රකාශ විය.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා සඳහන් කළේ, දත්ත පද්ධතිය පරීක්ෂා කිරීමේදී එය තහවුරු වූ බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *