#Local News

දුම්රිය දේපළ සොරාගත් තිදෙනෙකුට වෙඩි

ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් කර්මාන්ත ශාලාවක දේපළ සොරකම් කළ තිදෙනෙකුට වෙඩි තැබීමක් සිදුකර තිබේ.

ඊයේ (26) දින උදෑසන අදාළ සැකකරුවන් තිදෙනා දේපළ සොරාගැනීමට උත්සාහ දැරීමේ දී දුම්රිය ආරක්ෂක නිලධාරියෙකු විසින් එය නැවැත්වීමට යාමේදී ඔහුට සැකකරුවන් විසින් තියුණු ආයුධයකින් පහරදීමට තැත්කර ඇත.

එහිදී දුම්රිය ආරක්ෂක නිලධාරියා විසින් සැකකරුවන් දෙසට වෙඩිතැබීමක් සිදුකර තිබේ.

එම වෙඩිතැබීමේ දී එක් සැකකරුවෙක් තුවාල ලබා ඇති අතර, අනෙක් සැකකරුවන් දෙදෙනා පළාගොස් ඇත.

තුවාල ලබා ඇත්තේ අවුරුදු 51ක් වූ මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු මේ වනවිට පොලිස් ආරක්ෂාව යටතේ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

පළාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. 

Leave a comment

Your email address will not be published. Required fields are marked *