#Local News

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ වැඩ භාර ගනී

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ 36 වැනි පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා අද (29) රාජකාරි ආරම්භ කර තිබේ. 

එම උත්සවය දැන් පැවැත්වෙන්නේ පොලිස් මූලස්ථානයේදීයි.

කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකු වන දේශබන්දු තෙන්නකෝන් මහතා ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස පොලිස් සේවයට එක්වූයේ 1998 වසරේ පෙබරවාරි 23 වැනි දාය.

2019 වසරේ නොවැම්බර් මාසයේ වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් වීම් ලැබූ ඔහු එම වසරේ දෙසැම්බර් මාසයේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණි.

ඔහු පොලිස් සේවයේ විවිධ තනතුරු හොබවමින් නීතිය හා සාමය ස්ථාපිත කිරිම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල සේවය කළ නිලධාරියෙක්ය.

දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පති ධුරයට පත්කෙරුණේ පසුගිය වසරේ නොවැම්බර් මස 29 වැනි දායි.

අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා ආරම්භ කෙරුණු යුක්තිය මෙහෙයුමට නායකත්වය ලබා දෙන්නේ ද තෙන්නකෝන් මහතායි.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ වැඩ භාර ගනී

Putin warns West against sending troops to

Leave a comment

Your email address will not be published. Required fields are marked *