#Local News

දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් විශේෂ උත්සවය හෙට කැලණියේදි

හෙටට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන්  විශේෂ සැමරුම් උත්සවයක් කැලණිය ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ පැවැත්වීමට දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව හා කැලණිය ප්‍රාදේශීය සභාව එක්ව කටයුතු කර ඇත.

 දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන මෙම ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උළෙල මාර්තු මස 8 එනම් හෙට පෙරවරු 9.00 සිට  පැවැත්වේ.

මෙම වැඩසටහන විශේෂාංග රැසකින් සමනවිතව නොමිලේ පවත්වන අතර ආයුර්වේද හා බටහිර වෛද්‍ය සායන සහ රූප ලාවණ්‍ය වැඩමුළු, දැනුවත් කිරීමේ වැඩසටහන් වලින් යුක්ත වෙයි.

එහිදී ආයුර්වේද හා බටහිර වෛද්‍ය බාහිර රෝගී අංශ ප්‍රතිකාර සේවාවන්, රුධිරගත සීනි හා මේද පරික්ෂාව ඇතුළු සියලු  රසායනාගාර සේවාවන්, ඊ.සී.ජී, වකුගඩු රෝග පරික්ෂාව,  ආයුර්වේද සංරක්ෂණ සභා මගින් පවත්වන පාරම්පරික වෛද්‍ය සායන, හෝමියෝපති වෛද්‍ය සායන, බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනය මගින් පවත්වන රූප ලාවණ්‍ය වැඩමුළු, දේශීය ආහාර පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන්, ගම්පහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කාථිකාචාර්ය එච්.පි වක්කුඹුර මහතා විසින් පවත්වන ලබන කාන්තා රෝග පිළිබඳ දේශන මෙන්ම  ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිෂ්පාදන විශේෂ වට්ටම් සහිතව මිලදී ගැනීමේ අලෙවි කුටි  වලින් සමන්විත වෙයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *