#Local News

නගරාධිපති, නාගරික කොමසාරිස්ට බරපතළ වැඩ සහිතව වසරක සිර දඬුවමක්

ඓතිහාසික බුවනෙකබාහු රජු සමයේ ඉදි කළ බව කියන කුරුණෑගල රාජ සභා මණ්ඩපය විනාශ කිරීමේ සිද්ධියට කුරුණෑගල හිටපු නගරාධිපති ඇතුළු පස් දෙනෙකු වරදකරුවන් කර තිබෙනවා.

කුරුණෑගල මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර මහතා විසින් එම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

චෝදනා 05 කට අදාළව ඔවුන් වරද පිළිගෙන ඇති අතර මිලියන 13.75ක මුදලක් මුදලක් අලාභය ඔවුන්ගෙන් අය කර ගැනීමටයි අධිකරණය පියවර ගෙන ඇත්තේ.

ඊට අමතරව, පළමු චෝදනාවට චූදිතයන් 05 දෙනාටම බරපතළ වැඩ සහිතව වසරක සිර දඬුවමක් සහ රුපියල් 25,000ක දඩයක්,

02 චෝදනාවට වැඩ පාලකට සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරුට බරපතළ වැඩ සහිතව වසරක සිර දඬුවමක් සහ රුපියල් 50.000ක දඩයක්,

03වන චෝදනාවට, හිටපු නගරාධිපති, නාගරික කොමසාරිස් සහ නාගරික ඉංජිනේරුවරයාට බරපතළ වැඩ සහිතව වසරක සිර දඬුවමක් සහ රුපියල් 50,000ක දඩ මුදලක්,

04වන චෝදනාව සම්බන්ධයෙන් වැඩ පාලකට සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරුට බරපතළ වැඩ සහිතව වසරක සිර දඬුවමක් සහ රුපියල් 50.000ක දඩයක්,

05වන චෝදනාවට, හිටපු නගරාධිපති, නාගරික කොමසාරිස් සහ නාගරික ඉංජිනේරුවරයාට බරපතළ වැඩ සහිතව වසරක සිර දඬුවමක් සහ රුපියල් 50,000ක දඩ මුදලක්
ගෙවීමටයි නියම කර ඇත්තේ.

එහිදී චුදිතයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ අදාළ සිර දඬුවම් එකවර ගෙවී යන ආකාරයට ලබා දෙන ලෙසටයි.

කෙසේ වෙතත් මහාධිකරණ විනිසුරුවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එහිදී විනිසුරුවරයා තීන්දුව ලබා දෙමින් ප්‍රකාශ කර ඇත්තේ, නගරය ආරක්ෂා කළ යුතු අය එය විනාශ කරන්නේ නම් බරපතල වරදක් බවති, එය රාජ්‍ය නිලධාරීන් සහ පාලකයන් සිය වගකීම් පහර හැරීමක් සහ බලය අයුතු ලෙස භාවිතා කිරීමක් බවයි.

නගරාධිපති, නාගරික කොමසාරිස්ට බරපතළ වැඩ සහිතව වසරක සිර දඬුවමක්

Hong Kong offers HK$1m bounties on five

Leave a comment

Your email address will not be published. Required fields are marked *