#Articles

නැවතත් මිනීමරුවන් හෙළබිමේ අහිංසක ජනතාව පාලනයට….සීතල මාරයා ඉවතට

ඉතිහාසය තුල යුද්ධය යැයි කියාගත් කාලයේ පටන් LTTE අපරාධකරුවන් වෙඩි උණ්ඩ වලින් පරාජය කරණ අතරතුරම පාලකයන්ට  එ‌ෙරහි‌ වූ සිංහල තරුණ තරුණියන් ක්‍රමානුකූලව අතුරුදහන් කිරීම හෝ නාදුණන තුවක්කු කරුවන් මඟින් මරා දැමීම සිදු විය.

            අයියාට එරෙහි වූ දේශයේ සැබෑමිනිසුන් මල්ලී සහ මල්ලිගේ නිල සුනඛයන් විසින්  මරා පුලුස්සා දැමූ අයුරු ද සමූහ මිනීවලවල් තුල අහිංසක මිනිසුන්, මාධ්‍ය කරුවන් වල දැමූ අයුරුද නොයෙක් අයුරින් කරලියට පැමිණ තිබේ.

            ඊතලය ප්‍රධාන කතෘ ශ්‍රී ලාල් විසින් බරපතල අපරාධයක සුලමුල UTube නාලිකාවෙන් හෙලි කරයි. මහින්ද රාජපක්ෂගේ අපරාධකාරී මිනීමරු හොර ගුහාව හෙලිකරමින් තරුණයින් විසි ගණනක් මාතලේ සමූහ මිනීවලවලක දැමූ අයුරු ඔහු විස්තර කරයි. අදාල සිද්ධියට වගකිවයුතු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ පමණ නිල හා නම් හෙලි කරයි. ඒලෙසම ම.රා. – නැවතත් අගමැති වී දෝෂාභියෝගයක් මඟින් ජනතාව මරාගෙන හෝ ජනාධිපති වීමට රහසිගතව සැලසුම් සාදා තිබේ.

            මෙහිදී කවුරුන් ගියද? කවුරැන් රජවුනද? ජනතාවට කිසිදු සැපක් නැත. දෙපැත්තම භායානකය.මහින්ද රාජපක්ෂ පාලනය රාජ්‍ය ත්‍රස්ථවාදය පාතාලය මඟින් මිනිසුන් මරා දමා පලනය ගෙන යයි.

                        රනිල්-ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, අපරාධ නීති සංග්‍රහය, පොලිස් ආඥාපනත PTA මගින් රාජ්‍ය බලය යොදවමින් රට පාලනය කරයි. ඔහුට එරෙහිව නැගිටින සියලු රැලි මේ බලයයන් හරහා පොඩිකර දමයි. අලුතින්ම රනිල් කැමති සහ ගොඩක් ආදරය කරණ නීතිය සහ පනත ATA ය. දැන් ඔහුට PTA මදිය.

            මේ වන විට අපට ඇතිවන ප්‍රශ්ණය නම් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ධූරයට පත්වූවන්ගෙන් මිනීමරු අපරාධ නොකලේ කවුරුන්ද යන්නයි. ඒහිදී පැහැදිලි ඒක් නමක් ශ්‍රී ලාංකීය හදවත් සනසනු ඇත. ඒ නම් පින්වන්ත ජනාධිපති යැයි විරුදාවලි ලත්  D.B. විජේතුංග මැතිදුන් වෙයි.

            එවිට ඔබ විසින් මට කියනු ඇත්තේ පිංවන්ත ජනාධිපති අද සිටිනා බවයි. නමුත් ඒදා සිටියේ පිංවන්ත වුනත් අද සිටින්නේ පිං පොල්පිති යැයි බොහෝ මිනිසුන් විසින් හදුන්වා හමාරය.

            නමුත් D.B. විජේතුංග මාගේ ආච්චිට මස්සිනා වූ හෙයින් මට සීයා වෙයි. ශ්‍රී ලංකා දේශපාලනයේ සැබෑම ගෙරවණීය දේශපාලකයා මෙන්ම උතුම් වූ විධායක ජනාධිපති වරයා, ඒ ඉතිහාසය අපට කියාදුන් D.B. විජේතුංග පිං ජනාධිපති වරයා පමණමය.

                                                එසේ නම් සීතල මාරයා කවුද ?

ඔහු යම් බුදු බණ වලින් එන නමුත් තමනට දරුවන් නැතිබව දැන රටේ තරුණයින් 35000 ක් මිලේච්ච තිරිසන් ආකාරයට ඝාතනය කරවු මේ ආත්මයේ මිනිසකුට විය හැකිය.රටට ශුද්ධවන්තිය යැයි කියනා චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියද සනත් හා එක්ව තීරු පත්තරකරු මරා දැමුවේ සංජීව හරහාය. නමුත් සංජීව එම කටයුත්ත කරවූයේ තාර අජිත් ලවාය. තාර අජිත් විදේශගත වීමට පෙර ඔහු එය මා වෙත පකාශ කළ හෙයින් මා දනිමි. එපමණක් නොව චන්දිකාගේ අවසන් රාජ්‍ය පාලනය කාලයේදී සංජීව රවී කරුණානායකට චන්ද්‍රිකාගේ සියලු රහස් පාවාදීමට සූදානම් වූ අවස්ථාවේ ධම්මික අමරසිංහ ලවා සංජීව මැර වූ හැටි මට කියා දුන්නේ ධම්මික සමග චන්ද්‍රිකාගේ රාජ්‍ය ලාංඡනය සහිත කාරයකින් සංජීව (ඉරාන් ධනුෂ්ක පෙරේරා) මැරීමට ගිය ගලා විසිනි. ඔහු මාගෙන් යම් උදව්වක් ගත් අවස්ථාවේ මෙම කථාව මට ප්‍රකාශ කරන ලද්දේය.

නැවතත් මිනීමරුවන් හෙළබිමේ අහිංසක ජනතාව පාලනයට….සීතල මාරයා ඉවතට

Ruwanweliseya | 100 Journeys Sri Lanka

Leave a comment

Your email address will not be published. Required fields are marked *