#Local News

නැවතත් සෞඛ්‍ය වෘත්තීය සමිති අඛණ්ඩ වැඩවර්ජනයක

සෞඛ්‍ය වෘත්තීය සමිති නැවතත් මැයි මස 09 වෙනිදා සිට අඛණ්ඩ වර්ජනයකට යොමුවීමට තීරණය කර තිබේ.

ආර්ථික යුක්තිය ඉටුනොවීමට අදාළව වෘත්තීය සමිති 72කින් යුත් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය මීට මාස 4කට පෙර ද වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹුණි.

පසුව එය අප්‍රේල් මාසය තෙක් තාවකාලිකව නවතා දමන ලද්දේ සෞඛ්‍ය අමාත්‍යාංශය සකස් කළ තාක්ෂණික වාර්තාවට අනුව දීමාන ලබාදෙන බවට වූ ලිඛිත පොරොන්දුව මතය.

කෙසේ වෙතත් මෙතෙක් එම පොරොන්දුව නිසි ලෙස ඉටුනොවුන බව දන්වමින් නැවතත් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ, සම කැඳවුම්කරු, චානක ධර්මවික්‍රම මහතා පැවසීය.

ඒ අනුව රෝගීන්ට සිදුවන බලපෑම සලකා දීපව්‍යාප්ත වර්ජන ක්‍රියාමාර්ග ආරම්භ කිරීම වෙනුවට 09 වෙනිදා සිට පළාත් වශයෙන් සියලු රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල රාජකාරියෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන රෝහල් පිළිබඳ විස්තර පහතින් දැක්වේ.

09 – උතුරු මැද පළාත
13 – මධ්‍යම පළාත
14 – සබරගමුව පළාත
15 – වයඹ පළාත
16 – දකුණු පළාත
20 – ඌව පළාත
21 – බස්නාහිර පළාත යනාදී වශයෙන් මෙම වර්ජන ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වනු ඇත.

නැවතත් සෞඛ්‍ය වෘත්තීය සමිති අඛණ්ඩ වැඩවර්ජනයක

It’s a Fairy World 😍 | Kabaragala

නැවතත් සෞඛ්‍ය වෘත්තීය සමිති අඛණ්ඩ වැඩවර්ජනයක

Stage set for Ceylon Football Cup semis

Leave a comment

Your email address will not be published. Required fields are marked *