නීතිවිරෝධීව රැගෙන ආ භාණ්ඩ රැසක් කටුනායකදී හසුවෙයි
ඉන්දියාවේ සහ ඩුබායි සිට පැමිණි ගුවන් මගීන් තිදෙනෙකු කටුනායකදී අද (11) අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ තීරුබදු නොගෙවා රේගුවට ප්‍රකාශ නොකර භාණ්ඩ තොගයක් රැගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වැටලීම සිදුකර තිබේ.
එහිදී විදේශීය මත්පැන් බෝතල් 111ක්, දුම්වැටි තොගයක්, පරිගණක උපාංග රැසක් තිබී සොයාගෙන ඇත.
සැකකරුවන් ශ්‍රී ලාංකිකයන් වන අතර ඔවුන් කොළඹ 13 සහ මස්කෙළිය ප්‍රදේශවල පදිංචිකරුවන්ය.