#Local News

නුවරඑළිය තැපැල් කාර්යාලය ගැන ස්ථාවරය 

නුවරඑළිය තැපැල් කාර්යාලය සංචාරක හෝටලයක් බවට පත්කිරීම සඳහා ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (06) අභියාචනාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කළේය.

එම තැපැල් කාර්යාලය ඉන්දියානු සමාගමක් වෙත පැවරීමට සැලසුම් කර ඇති බව අදාළ පෙත්සමෙහි සඳහන් ය.

අදාළ පෙත්සම එස්. යූ. බී. කරලියද්ද සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *