#Local News

පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ලබාදුන් රාජ්‍ය සේවකයින් ගැන තීරණයක්

පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ලබාදුන් රාජ්‍ය සේවකයින් 3000ක් පමණ සිටින බවත් ඔවුන්ගේ අභියාචනා සළකා බලා නැවත සේවයේ පිහිටුවීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (29) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ ඒ සඳහා අනුමැතිය ලැබීමෙන් පසු මසක් ඇතුළත ඔවුන් සේවයේ පිහිටුවන අතර එම රාජ්‍ය සේවකයින් නැවත සේවය කළ ස්ථානයටම යොමු කිරීමට ද කටයුතු කරන බවයි

එමෙන්ම එහිදී ඔවුන් කිසිඳු ආකාරයකින් දේශපාලන කටයුතුවල නිරත නොවන ලෙසට ද කොන්දේසියක් පැනවීමට නියමිතයි

මීට අමතරව පුරප්පාඩුව පවතින ග්‍රාමසේවක තනතුරු 2700ක පමණ ප්‍රමාණයක් සඳහා ලබන 02 වනදා වන විට විභාගයට පෙනී සිටීමට නියමිතයි

ඒ අනුව ලබන වසරේ පෙබරවාරී මස 04 වනදාට පෙර ඔවුන් සේවයේ යෙදවීමටයි සැලසුම් කර ඇත්තේ

එමෙන්ම පළාත් පාලන ආයතන තුළ සිටින 8400ක අනියම් සේවකයින් අනිවාර්යෙන් ස්ථිර සේවයේ පිහිටුවීමට ද කටයුතු කරන බව සඳහන්

Leave a comment

Your email address will not be published. Required fields are marked *