මාතර වෙරළට ගොඩගැසූ තල්මස් සිරුර
මාතර ගොඩඋඩ වෙරළතීරයට මියගිය දැවැන්ත තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා තිබේ.
අප වාර්තාකරු සඳහන් කළේ මෙලෙස ගොඩගසා ඇති තල්මස් සිරුර දිග මීටර් 5ක් පමණ වන බවය.
මිරිස්ස වනජීවී කාර්යාලය පවසන්නේ තල්මසාගේ සිරුරේ කිසිදු කැපුම් තුවාලයක් දක්නට නොලැබෙන බවය.
මෙම තල්මසාගෙ මරණයට හේතුව පශ්චාත් මරණප පරීක්ෂණයෙන් පසුව හඳුනාගැනීමට බලාපොරොත්තු වන බවත් උඩවලව වනජීවී ඒකකයේ වෛද්‍යවරයකු විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව බවත් මිරිස්ස වනජීවි කාර්යාලය සඳහන් කර සිටී.