#Articles

මෛත්‍රී බුදුන් වහන්සේ බුදුවී රට බේරා ගැනීමට  පෙර අවසන් දේශපාලන  බේරා ගැනීම

රට බේරා ගැනීමේ අවසන් අවස්ථාව පැමිණේ”

25/04/2023 වන දින අපගේ ආශාව සහ පැතුම ඉටුවේ. 26/04/2023 වන දින ඔවුන්ගේ දේශපාලකයන්ගේ ආශාව සහ පැතුම ඉටුවේ. 26 සිට අපට දුක ඇතිවේ. එය නිවා  දැමීම පිණිස 2024 දී පාර්ලිමේන්තු ඡන්දයක් පැමිණේ. එවිට අපගේ පැතුම් නැවතත් ඉටුවේ. එදායින් පසුදින සිට අපට නැවත දුක ඇතිවේ. ඒ සියලු දුක් නැතිකිරීම පිණිස 2025 දී ජනාධිපතිවරණයක් පැමිණේ. ඉතින් අපගේ හත්මුතුපරම්පාරාවේම පැතුම් හා ආශාවල් එයින් ඉටුවේ. ඡන්දය දා අපගේ පැතුම් පිළිබදව සතුටට  පත්වේ.ඡන්දයෙන් පසුදින අප කිරිබත් කනු ලැබේ.එදා රෑට කෝටි ගණනක රතිඤ්ඤා, මල්වෙඩි,දමනු ලැබේ. පසුදින ආයෙත් අපට දුක ඇතිවේ. එය එදින සිට ආයෙත් ඡන්දයක් එනතුරු පවතී. ආයෙත් අපේ දුක නැතිකරන දිනය තවම අප දන්නේ නැත.

                   රට බේරාගත් අය තම ජීවිත බේරාගෙන රටින් පැනගිය බව දැනගන්නට ලැබේ. ඔවුන්ගේ අනාගත පරම්පරාවේ අභිවෘද්ධිය පිණිස ඔවුන් අපගේ  රත්තරන් මිලමුදල් සහ පෙර රජ දරුවන් විසින් අනාගත පරපුරේ පැවැත්ම පිණිස තැන්පත් කරන ලද රන්රිදී මුතු මැණික් සහිත නිධන් සියල්ල  රැගෙන ගොස් ඇති බව මේ දැන් දැනගන්නට ලැබේ.

          ආයෙත් ඉතින් කවුරුවත් රට බේරාගැනීම පිණිස ඒවි යැයි සිතන්නට බැරිය. ඒ අපව සහ රට බේරාගන්නා අයට පිදිය යුතු දොලපිදේනි අප සතුව නොමැති  බැවිනි. IMF දොලපිදේනිය ඔවුනට ලබාදීම පිණිස IMF සතුටු කරවන හෝ අපට IMF ලෝන් එකක් අරගෙන දෙන ශ්‍රී ලාංකේය දේශපාලු නායකයාට දෙන්නට දොල පිදේනි  කිසිවක් අප සතුව නැත.  

          මේ වෙලාවට අපට ඔරලෝසුවෙන් වැඩක් නැති වුනත් මාලිමාවෙන් වැඩක් තිබේ යැයි සිතෙන්නට පුලුවන. ඒ ගැන තීරණය ඇත්තේ ඔබ සතුවය. දුරකතනයෙන් Call එකක් කල් ඇතිවම අරගෙන පොහොට්ටුව හොඩෙන් ගත් ඇතුපිට නැගී මාලිමාවෙන් හරිපාර හොයාගෙන එන්න. ඔබ වෙනුවෙන් ජයපැන්, කිරිපත්, රතිඤ්ඤා-නිලා,මල්වෙඩි සූදානම් කර තබනු ලැබේ.

          අළුත්ම තත්වය නම් අප්‍රේල් 25 වෙනිදා ද ඔබේ කැමැත්ත විමසන්නේ නැත. එය දෙවියන්  වහන්සේගේ කැමැත්තද, වසවර්තිමාර දිව්‍ය පුත්‍රයාගේ කැමැත්ත දැයි මා නොදනිමි. නමුත් නූතන වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා බටලන්දේ සිටි බව “මාලිමාව” ඇතුළු අන්තරේද, ඒ අතරතුර බොහෝ මිනිසුන්ද කියයි.

                    මිනිසුන් එසේ කීවද වජිර අබේවර්ධන කියන්නේ අනුර කුමාරගේ බොසා 65 000ක් බිලිදුන් වසවර්තියා බවයි.

          කෙසේ හෝ අන්තිමේ දී අප්‍රේල් 25 ඡන්දය නැත. නමුත් IMF ණය ලැබී මාස දෙකතුනක් යන විට ඩොලරය වේගයෙන් පහළට පෙරලී රුපියල වේගයෙන් කන්ද නැග, පොහොට්ටුව කල්වාරි කන්ද මුදුනේ කුරුසය සවිකොට පිං පොල්පිති කුරුසියේ තබා ඇණ ගසන්නට නියමිත බව නෙළුම් මාවතෙන්  ප්‍රකාශ කෙරේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *