මෝටර් රථ අනතුරකින් සිසුවෙකුට බරපතළයි
කහතුඩුව වෑතර රෝහල ඉදිරිපිටදී ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් නවතා තිබූ ස්කූටරයක සහ මාර්ගයේ ගමන් ගත් සිසුවෙකුගේ ගැටීමෙන් එම සිසුවා බරපතළ තුවාල ලබා ඇතැයි කහතුඩුව පොලීසිය පවසයි.
අනතුරින් තුවාල ලබා ඇත්තේ වෑතර මහා විද්‍යාලයේ 10 වන වසරේ ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවෙකි.
ස්කූටරය සමග මෝටර් රථය කෙටි දුරක් ඉදිරියට ඇදී ගොස් ඇති අතර පසුව විදුලි රැහැන් කණුවක ද ගැටී තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ සිසුවා වෑතර රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇත.
පිළියන්දල දෙස සිට කහතුඩුව දෙසට ධාවනයවෙමින් තිබූ මෝටර් රථයේ දකුණුපස පිටුපස ටයරයේ හුළං යෑම හේතුවෙන් රියදුරුට රථය පාලනය කරගත නොහැකිව අනතුර සිදුවී ඇති බව පැවසෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් 29 හැවිරිදි මෝටර් රථයේ රියදුරාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.