#Local News

රනිල්ට සහාය දෙමින් එක්වූ පිරිස මෙන්න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) සංවිධානය කර තිබූ රැලියට අමාත්‍යවරුන් වන ටිරාන් අලස්, ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, මනුෂ නානායක්කාර, රාජ්‍ය අමාත්‍යවරුන් වන චාමර සම්පත් දසනායක, ගීතා කුමාරසිංහ ඇතුළු පිරිසක් එක්වී තිබේ.

ගාල්ල ප්‍රදේශයේදී “එක්ව ජයගමු” යන මැයෙන් මෙම ජන රැලිය සංවිධානය කර තිබුණි.

මීට අමතරව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, හිටපු පුරපතිනී රෝසි සේනානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, වජිර අබේවර්ධන සහ සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා ද එම ජනරැළිය හා එක්වී ඇත.

එම රැලියේදී තමා ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ඊට අදාළව තමන් ඊයේ දිනයේ දී ඇප තැන්පත් කිරීම ද සිදුකළ බවය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *