#Local News

විදුලිබල මණ්ඩලය සභාපති ඇතුළු පිරිසක් අද මහජන උපයෝගිතා කොමිසම හමුවට

COLOMBO (News 1st) –  ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා, වැඩබලන සාමාන්‍යාධීකාරිවරයා ඇතුළු පිරිසක් මහජන උපයෝගිතා කොමිසම හමුවට කැඳවා තිබේ. 

ඒ, විදුලි බිල අඩු කිරීමේ යෝජනා පිළිබඳව තවදුරටත් කරුණු සාකච්ඡා කිරීම සඳහායි.

මහජන උපයෝගිතා කොමිසමේ විශේෂ රැස්වීමක් ඒ සඳහා අද පස්වරු 3.00 ට පැවැත්වෙනු ඇති.

පෙරේදා පැවති සාකච්ඡාවෙන් අනතුරුව මහජන උපයෝගිතා කොමිසම විදුලි බිල සංශෝදනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයෙන් තවත් තොරතුරු ඉල්ලා සිටියේ ය.

එම තොරතුරු ද අද විදුලිබල මණ්ඩලය විසින් කොමිසමට ලබා දීමට නියමිතයි

විදුලිබල මණ්ඩලය සභාපති ඇතුළු පිරිසක් අද මහජන උපයෝගිතා කොමිසම හමුවට

Bangladesh building fire kills at least 43,

Leave a comment

Your email address will not be published. Required fields are marked *