#Articles

විශ්වය පුරා ගුවන් සක්මනේ යෙදෙමින් මන්දාකිණියේ සියලු දෙවිවරුන් පරාජය කොට අමරණීයත්වය ලැබූ සක්විති මහා රාවණා කවුද?

සීගිරිය රාජමාලිගය තුළ උපත ලද සක්විති මහා රාවණ රජතුමන්, පසු කාලයේදී  ගුවනද  ජයගෙන අගහරු ලෝකය තුළ තම න්‍යශ්ඨික අවි රැදවූ බව අප දනිමු. ඒවා පෘතුවියෙහි (ශ්‍රී ලංකාවේ ) කොහේ හෝ තිබී පුපුරා ගියහොත් මුළු ‌ලොවම විනාශ වී යන බව රාවණ විසින් යුධ සෙනෙවියන් වෙත කියා තිබිණි.

          එහි අරුත නම් ඕනෑම හදිසියකදි අගහරු ලොවට ගොස් එම න්‍යශ්ඨික අවි රැගෙන ඒමට තිබූ හැකියාවයි. රාවණයන්ගේ ගුවන් ගමන් තාක්ෂණය ආකාශ හැකිලුම් තාක්ෂණය හා සමාන්තර විද්‍යාවක් යැයි අප අනුමාන කරමු.

          අදටත් විද්‍යාඥයින්ට නිශ්පාදනය හෝ භාවිත කල නොහැකි, එහෙත් චින්තනාත්මකව සැක කරනු ලබන එවැනි තාක්ෂණයකට බෙහෙවින් අධ්‍යාත්මික තාක්ෂණය පෙරමුණ ගන්නට ඇතැයි විශ්වාස කරමු.අවශේෂව භෞතික තාක්ෂණයද යොදා ගැනීම දඩුමොනරය ලෙස නම් තබා තිබුනි.

          එයින් සලකා බලන කල අධ්‍යාත්මික තාක්ෂණයේ උපරිමය දක්වා තාක්ෂණය අතික්‍රමණය කර තිබෙන්නේ මෙලොව බුද්ධත්වයට පත්වන සියලු බුදුවරුන් පමණකි.එයිනුත් ගෞතම බුදුන්වහන්සේ, තෙසැත්තෑ ඥාණවලින්  පරිපූර්ණ බුදුවරුන් අතරේද ඥානාධික බුදුවරයෙකි.

           ‌ඉන් දෙවැනිව මහරහතුන් වහන්සේලාද, රහතුන් වහන්සේලාද ඉනික්බිතිව රාවණ රජතුමාගේ යානා සහිත ග්‍රහලෝක තරණය පෙන්වා දිය හැකි වෙයි.එම ගමන් සදහා ආකාශ හැකුලුම් තාක්ෂණය භාවිතයෙන් විනාඩි කිහිපයකදී අගහරු වෙත රාවණ යන්නට ඇතැයි විශ්වාස කරමු.

          තවත් සෘෂිවරුන් යැයි කණ්ඩායමක් ලොව සිට ඇතිවා මෙන්ම අදටත් එම සෘෂින්ගේ ශිෂ්‍යයන් ඉන්දියාව සහ ශ්‍රීලංකාව තුළ ජීවත් වේ යැයි විශ්වාස කරමු.විශ්වාසය පමණක් නොව එවැන්නෝ ස්ථිරවම ජීවත් වෙති. හිඳිති.

          රාවණයන්ගේ සීයාද සෘෂිවරයෙකි. පියාද එවැනි ශක්තියක් තිබූ අයෙකි.ශ්‍රීලංකාව තුළ බොහෝ අතීත සිහිවටන ඇත්තේද, මිලකල නොහැකි භූගත මාලිගා, ධන නිධාන, මැණික්,රන් ඇත්තේ රාවණයන්ට වෙයි.

          වර්ග 42 ක ගුවන්යානා, රොකට් වැනි අධිතාක්ෂණික යානා “සක්විති රාවණ” හට තිබූ බව ඉන්දියානු මහාචාර්යය වරයෙකු විසින් ලෝක විද්‍යා සමුලුවකදී හෙලිකර තිබේ.

          එවැනි එක් යානාවක් තිස්සමහාරාම පුරාණ විහාරයක් තුල ඇස් පමණක් යොමුකර බලාගත හැකි පරිදි කොන්ක්‍රීට් දමා වසා තිබියදී එක් විදේශික මහාචාර්ය වරයෙකුගේ පෙරැත්තය හේතුවෙන් නායක හාමුදුරුවන් විසින් ඇස් පමණක් යොමුකර එම විදේශිකයාට පෙන්වූ අවස්ථාවේ එම විශ්මිත ගුවන් යානය දැක ඔහු කලාන්තව වැටුනු බව කියවේ. ඉන් පසුව ඇස්දෙකෙන් දකින ප්‍රමාණයේ කවුළුවද වසා දැමූ බව ප්‍රදේශ වාසීන් කියයි.

          වර්ග 42 කින් යානා සියදහස් ගණනක් රාවණ සතුව තිබී ඇත.එම යානා අදද ලකේ ගල සහ එම ආසන්නයේ ඇති ගුහා තුළ රදවා තිබේ.

          මෙවැනි යානා 04 ක් ලකේගල ගුහාවකදී දුටු අයෙකු මට හමුවී ඇත.ඔහු මට ආරාධනය  කරන්නේ ඒවා පෙන්වීම සදහා සතියක් පේවී එම කාලය තුල දෙවියන් වැද ඔහු සමග පැමිණෙන ලෙසයි.

          මේ ලෝකය තුල විශ්මකර්‍ම යම් කතාබහක් සිදුව ඇත්නම් ඒ රාවණයන්ගේය. උදාහරණ ලෙස මිසරයේ පිරමීඩ ගනිමු.ඒවා නිර්මාණය කිරීමට රාවණ වෙත භාරදුන් බවද 12000  (දොලොස්දහසක)  ඉංජිනේරුවන් සහ කාර්යමණ්ඩලයක් පොලොව යටින් සැදූ උමගක් මගින් සීගිරියේ සිට මුහුද යටින් ඉන්දියාවට ගොස් පසුව ගොඩබිමින් මිසරයට ගොස් තිබේ. රාවණ සහ එහි මොලකරුවන්, ප්‍රධාන ඉංජිනේරුවන් රාවණගේ ගුවන් යානා සියගණනක් මගින් මිසරයට ගොස් තිබේ.

          පාරාවෝ රජවරු රාවණ මිහිපිට දෙවියන් ලෙස, බොහෝ ධනය පරිත්‍යාග කර තිබේ.එම ධනය රාවණ රාජධානියේ අදටත් තැන්පත් කර ඇත.

          මේ පිළිබදව උනන්දු ඔබත් ගැඹුරින් මේවා විශ්ලේෂණය කරන්න.

Young Asia Media  සමග ඔබත් එක්වන්න.

Leave a comment

Your email address will not be published. Required fields are marked *