#Local News

විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වැඩි කරයි

රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (15) නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරු වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීමට රජය ගෙන තිබෙන තීරණය අභියෝගයට ලක් කරමින් වෛද්‍යවරු පිරිසක් ගොනුකල තිබූ රිට් පෙත්සමක තීන්දුව ලබාදෙමින්ය. වෛද්‍යවරුන් 176 දෙනෙකු විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.

අධිකරණ නියෝගයට අනුව රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට නියමිතය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *